ලෝකයම වශී වුන මේ දවස්වල ලංකාවේ කොල්ලන්ගේ සිහින කුමරිය වූ හුරතල් සාෂා ප්‍රසාද් කී අමුතුම කතාව මෙන්න


පසුගිය දවස්වල සෝෂල් මීඩියා ඇතුළේ වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ඇය ගැනයි. සමහරු ඇයට බැන වැදුණා, තවත් සමහරු ඇයව වැළඳගත්තා. හැබැයි මේ හැම දේකටම මැද, තමන් කවුද කියලා කෙළින්ම කියන්න පුළුවන් අමුතුම කෙල්ලෙක් ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වන අශේන් එක්ක කතාබහට එකතු වෙලා තිබ්බා. ඇය නමින් මියා සී (Mia Z).

📍 ෆීජි (Fiji) දූපත්වල ඉපදුණු, නවසීලන්තයේ හැදී වැඩුනු මේ සුරූපී කෙල්ල ලංකාවට දෙවෙනි වතාවටත් ආවේ පුදුම ආදරයකින්. “මම මගේ කලින් පෙම්වතා එක්ක මීට අවුරුදු දෙකකට කලින් ලංකාවට ආවා. සති හයක් ස්කූටර් එකක මුළු රට වටේම ගියා. මම මේ රටට ආදරය කරන්න ගත්තේ එදා…” ඇය කියන්නේ හරිම නිහතමානීව.

ඇත්තටම මියා ගේ පෙනුම ලාංකිකයි. ඇයත් හිනාවෙලා කියනවා, “මම හිතන්නේ මගේ තාත්තා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති” කියලා. ඒ තරමටම ඇය අපේ රටේ සංස්කෘතියට, කෑම බීමවලට සහ මිනිස්සුන්ට ලැදියි…

🔥 ලංකාව කියන්නේ බෞද්ධ රටක්. එවන් රටක වැඩිහිටියන්ට පමණක් වෙන් වුන වෘත්තියක නියැලෙන කෙනෙක් ගැන තියෙන ආකල්පය ගැන ඇය කතා කළේ හරිම විවෘතව. ඇය හින්දු භක්තිකයෙක් වුණත්, බුදුදහමට සහ එහි ඇති “කරුණාව” කියන සංකල්පයට ගොඩක් ගරු කරනවා.

” මම දන්නවා ලංකාවේ මේ දේවල් නීති විරෝධීයි කියලා. මම මෙහේ ඇවිත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම නීතිවලට ගරු කරන කෙනෙක්. මම ඩුබායි ගියත් එහෙමයි. මම කරන්නේ වෘත්තියක් විතරයි. මම ලංකාවට ආවේ මිනිස්සුන්ගේ තියෙන කරුණාව සහ පරිසරයේ තියෙන සුන්දරත්වය නිසා..”

💔 අද ලෝකයම දන්න Mia Z පිටුපස තියෙන්නේ කඳුළු කතාවක්. ඇය හැදුණේ දරුණු දිළිඳුකම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මැද.
“මම ජීවත් වෙන්න සටන් කරපු කෙල්ලෙක්. මගේ ප්‍රධාන Instagram ගිණුම් ඔක්කොම නැතිවුණ වෙලාවේ මම මානසිකව වැටිලා හිටියේ. හැබැයි මගේ යාළුවෙක් මාව ඇහැරෙව්වා. ඇය කිව්වා ‘උඹ කොච්චර වාසනාවන්තද, මේක ලෝකේ තියෙන ලේසිම රස්සාවක්, දැන්ම නැගිටපන්’ කියලා. එදා ඉඳන් මම මගේ ගමන පටන් ගත්තා.”

මාස 9ක් ඇතුළත Followers ලා ලක්ෂ 3 සිට මිලියනය දක්වා ගෙනියන්න ඇය දැඩි කැපවීමක් කළා. ඇය කියන්නේ තමන් Influencer කෙනෙක් නෙවෙයි, තමන් කරන්නේ ව්‍යාපාරයක් (Business) සහ වෘත්තියක් බවයි.

🏨 ගොඩක් අය මියාට බනිද්දී, ඇය නිහඬවම ලංකාව ලෝකයට විකුණනවා. ඇය ගාල්ලේ, ඇල්ලේ සංචාරය කරමින් අපේ කෑම, අපේ දුම්රිය සහ සංස්කෘතිය මිලියන ගණනක ඇගේ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට පෙන්වනවා.
“මම ලංකාවට එද්දී මගේ Followers ලා අහනවා ලංකාව දැන් ආරක්ෂිතද? කියලා. මම ඒ අයට පෙන්වනවා ලංකාව කියන්නේ ලෝකේ තියෙන ලස්සනම සහ ආරක්ෂිතම රටක් කියලා. මම ලංකාවට ආදරෙයි, ඒ වගේම ලංකාවට සංචාරකයෝ ගේන්න මම මගේ උපරිමය කරනවා.”

🗯️ඇය මේ කතාවේදී දෙන ලොකුම පණිවිඩය තමයි තමන්ගේ අනන්‍යතාවය රැක ගැනීම.
“සමාජය කියන දේවල් අහන්න එපා. ඔයාගේ බිල් ගෙවන්නේ සමාජය නෙවෙයි, ඔයාමයි. ඔයාට සතුටක් දැනෙන දේ කරන්න. මම දැන් සල්ලි හම්බ කරනවා, මගේ අම්මව බලාගන්නවා, ගෙවල් ගන්නවා. ඒක මට සතුටක්.”

📌 🏞️ මියා කියන විදියට එයා මේ ලෝකේ ආසම කෑම ලංකාවේ රයිස් ඇන්ඩ් කරි.
ඒ වගේම කැමතිම බීම ලංකාවේ සිලෝන් ටී (ඇගේ අම්මා Dilmah තේ වලට ගොඩක් ආදරෙයිලු)

ලෝකය එක එක විදියට හිතන්න පුළුවන්. හැබැයි මියා සී කියන්නේ තමන් කවුද, තමන් කරන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් තියෙන, තමන්ගේ හයියෙන් නැගිටපු කෙල්ලෙක්. ඇය ලංකාවට ආදරය කරනවා නම්, ඇය හරහා ලංකාවට විදේශ විනිමය ගලා එනවා නම්, අපිට ඇය දෙස වෛරයෙන් බලන්න අවශ්‍යද?

මේ ගැන ඔයාගේ අදහස මොකද්ද 👇

Copied : https://nethgossip.com/

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post