මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්


මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය නිසා, හෙට (25) දින පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ, නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක් හෙට (25) දින නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

තවද නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ පවතින කාලගුණ තත්ත්වය මත සෙසු පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගෙන, ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවයි.

එමෙන්ම හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයට අද (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමට අධ්‍යාපන බලධාරින් කටයුතු කර ඇත.

ඒ අනුව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත කවිරාජ් ප්‍රකාශ කළේ අද (25) දිනයේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලා පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳවත් තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.

ඒ අනුව එසේ පාසල් වසා දමන්නේ නම් ඒ පිළිබඳව තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post