
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙම පද්ධතිය වර්ධනය වීමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශවල සහ දිවයින පුරා පවතින සුළං සහ වැසි තත්ත්වයන්ගේ වෙනස්කම් සිදුවිය හැකි අතර, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට සහ නාවික/ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව වැඩිදුරටත් විමසිලිමත් වන ලෙස උපදෙස් දෙනු ලැබේ.
