
මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මහජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සහ අපහසුතාවයන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව, සේවාවන් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හෝ යම් අපහසුතාවයන් පවතින්නේ නම් ඒ පිළිබඳ විස්තර ලිඛිතව 074 245 3300 යන අංකය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
