
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ පැවැත්වීම අත්හිටුවා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බවයි.
අද පෙරවරු 9.00 වන විට ලැබුණු තොරතුරුවලට අනුව මධ්‍යම පළාතේ පාසල් 35ක් වසා දමා ඇති අතර, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලින් එක් පාසල බැගින් අද දිනයේ නොපැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ පාසල් 38ක අධ්‍යාපන කටයුතු අත්හිටුවා ඇත.
