
පසුගිය දින කිහිපයේම අපිට එළියට බැහැගන්න බැරි වෙන්න ඇද හැලුණු මහා වැස්ස තවත් දරුණු වෙන්න යනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන අලුත්ම ආරංචිවලින් කියවෙන්නේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය දැන් "අඩු පීඩන කලාපයක්" දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේකේ සරලම තේරුම තමයි, ඉදිරි දින කිහිපයෙත් අපිට කුඩේ නැතිව එළියට බහින්න වෙන්නේ නැහැ කියන එක! දිවයින පුරා පවතින වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න කියලා බලධාරීන් අනතුරු අඟවනවා.
මේ අඩු පීඩන කලාපය නිසා ලංකාව වටේ තියෙන මුහුදු ප්‍රදේශ වගේම බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදත් අතිශය රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර සහ නාවික ප්‍රජාවට මේ වෙලාවේ සෑහෙන අවධානයෙන් ඉන්න කියලා කාලගුණයෙන් දැනුම් දීලා තියෙනවා.
ගිගුරුම් සහිත වැසි තියෙන වෙලාවට අකුණු අනතුරු ගැන සැලකිලිමත් වෙන්න.
පාරේ යනකොට තද සුළං නිසා ගස් කඩා වැටෙන්න පුළුවන්, ඒ ගැනත් ඇහැක් තියාගන්න.
වැසි දිගටම පැවතුණොත් නායයෑම් සහ ජල ගැලීම් ගැනත් අවධානයෙන් ඉන්න.
ඉතින් මේ දවස්වල ගමන් බිමන් යනකොට වගේම නිවෙස්වල ඉන්නකොටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙන නිවේදන ගැන අවධානයෙන් ඉන්න කියලා අපි ඔක්කොටම මතක් කරනවා!
