
ලෝකයම හොල්ලපු කොරෝනා වසංගතයේ මතකය මැකී යන්නටත් පෙර, අසල්වැසි ඉන්දියාවෙන් අතිශය බියකරු පුවතක් වාර්තා වෙනවා.
ඒ, ලොව ඇති මාරාන්තිකම වෛරසයක් ලෙස සැලකෙන "නිපා" (Nipah) වෛරසය ඉන්දියාවේ වේගයෙන් පැතිර යාම.
විදෙස් වාර්තාවලට අනුව, ඉන්දියාවේ බටහිර බෙංගාලය මේ වන විටත් නිපා භීෂණයෙන් වෙළී පවතින අතර, රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන් සමඟ සමීපව කටයුතු කළ 110 දෙනෙකු පමණ හදිසියේ නිරෝධායනයට යොමු කර ඇති බවත් සදහන්.
මෙම වෛරසයේ ඇති බියකරුම පැත්ත වන්නේ මරණ අනුපාතයයි.
නිපා ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා පිරිසක් මිය යන බව තහවුරු වී ඇති අතර එනම්, මෙය වැළඳෙන පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකුම මිය යාමට ඇති ඉඩකඩ වැඩි බව සදහන්.
වඩාත්ම භයානක කරුණ නම්, නිපා වෛරසයට එරෙහිව මෙතෙක් කිසිදු එන්නතක් (Vaccine) හෝ සාර්ථක ඖෂධයක් සොයාගෙන නොමැති වීම.
ඉන්දියාවේ තත්ත්වය දරුණු වීමත් සමඟ ආසියාවේ බොහෝ රටවල් තම ගුවන්තොටුපලවල දැඩි සෝදිසි කිරීම් සහ පරීක්ෂාවන් ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන වශයෙන් සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන මෙම වෛරසය, වවුලන් හරහා ව්‍යාප්තවන අතර වවුලන් කෑ පලතුරු හෝ ඔවුන්ගේ අපද්‍රව්‍ය තැවරුණු ආහාර මගින් මෙය මිනිසුන්ට වැළඳිය හැකි අතර, ඉන්පසු ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ඉතා වේගයෙන් බෝ විය හැකි බව සදහන්.