
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාර්ය සාධන ණය ලබා දීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
පසුගිය දෙසැම්බර් 16 සිට රාජ්‍ය බැංකු තුනක් මේ සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර, පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13ක්ද ණය ලබා දීම සඳහා ගිවිසුම්ගතවීමට කැමැත්ත පළ කරඇති බවට වාර්තා වේ.
මේ බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති. මෙම වැඩසටහනේ යටතේ, රජය 0% පොලිය මත බැංකු වෙත මුදල් ලබා දී, බැංකු මගින් 3% පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබා ගත හැකි බව නිලධාරීහු සඳහන් කළහ.
2026 වසර සඳහා රුපියල් මිලියන 10,000ක් මේ සඳහා වෙන්කර තිබේ. තවද, ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ශක්තිමත් කිරීමට ඇති ණය පහසුකම් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා 5% පොලිය යටතේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීමට හැකි වේ.
මෙහිද 2026 වසර සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන්කර තිබීම විශේෂයි. එමෙන්ම, කෘෂිකාර්මික අංශයේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින්, පෙබරවාරි දෙවන සතියේ සිට කෘෂිකාර්මික ණය පහසුකම් ලබා දීම ආරම්භ කිරීමට නියමිත අතර, මේ සඳහා රුපියල් ලක්ෂ 50ක ණයක් කෘෂිකාර්මික, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිර්දේශය මත ලබා දෙන අතර 2026 වසර සඳහා රුපියල් මිලියන 800ක් වෙන්කර ඇති බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
Matath oni
ReplyDeleteකොහොමද ගන්නෙ
Deleteගන්නෙ
Ganna puluwannam godak hodai
ReplyDeleteMarathon one
ReplyDeleteKlibbake innawanam Ganna puluwanda yepeta assan karala
Deleteමට අළුතින් මැහුම් ව්‍යපාරයක් අාරම්භ කිරීමට මුදල් ටිකක් අවශ්‍යයි කොහොමද ණය මුදල ගන්නේ
ReplyDeleteMatat naya mudalak laba ganimta awksiyai kohomada labe ganna man danata sitinn pitrata
ReplyDeleteනය මුදලක් ඕන විස්තර කියන්න
ReplyDeleteකෑම කඩය පවත්වා ගෙන යාමට මුදලක් අවශ්‍යයි
ReplyDelete