රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි


රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමේ නව ඩිජිටල් ක්‍රමවේදයක් අද (24) සිට හඳුන්වා දෙන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසීය.

මෙම නව ක්‍රමවේදය යටතේ, අයදුම්කරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය වේලාව කලින් වෙන් කරවා ගැනීමට හැකියාව ලැබේ.

වේලාව වෙන් කරවා ගැනීමේ සේවාව නොමිලේ ලබා දෙන අතර, ඒ සඳහා අයදුම්කරුවන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බව ද සඳහන් කෙරිණි.

නව ක්‍රමවේදය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතික ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා වේලාවන් වෙන් කරවා ගැනීම පහසු කිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

1 Comments

Post a Comment
Previous Post Next Post