
මේ කියන්න යන්නේ ලොව පුරා බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත තවත් සුප්‍රකට චරිතයක් ගැන ඇසෙන කණගාටුදායක පුවතක්..
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ HBO හි 'The Sopranos' ටෙලි නාට්‍ය මාලාවේ "සැල්වටෝර් 'බිග් පුසි' බොන්පෙන්සියෙරෝ" (Salvatore "Big Pussy" Bonpensiero) ලෙස ප්‍රකට චරිතයට පණ පෙවූ ප්‍රවීණ ඇමෙරිකානු රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් (Vincent Pastore) පසුගිය දිනක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 80 වැනි වියෙහි පසුවුණා. නිව්යෝර්ක් හි සිටි අයිලන්ඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1980 ගණන්වල සිට සිනමාවට එක්වූ වින්සන්ට් පැස්ටෝර්, Goodfellas, Awakenings, Carlito's Way සහ Shark Tale වැනි ප්‍රකට චිත්‍රපට ගණනාවකට මෙන්ම Law & Order ඇතුළු හිතකාමී රූපවාහිනී කතා මාලා රැසකට ද සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.
එසේම ඔහුගේ වියෝව වෙනුවෙන් 'The Sopranos' හි සගයෙකු වූ මයිකල් ඉම්පෙරියෝලි (Michael Imperioli) ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ රසිකයන් රැසක් සිය කණගාටුව පළ කර තිබුණා.
