
ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බවයි. ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම ආයතනය සඳහන් කළේය.
මීට අමතරව ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර තිබේ.
