සරසවි වරම් ලැබූ උසස් පෙළ සිසුවෙක් මහ වැස්සේම රස්සාවට යන්න ගි‍හින් - ජීවිතක්ෂයට


පිටිගල - පැලවත්ත මාර්ගයේ කරව්ව 15 කණුව ප්‍රදේශයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී සිදුවු අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව පිටිගල පොලීසිය සඳහන් කරයි.

මියගිය තරුණයා ඉහළ හේවැස්ස ප්‍රදේශ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙවර උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබු අයෙක් බව සඳහන්.

ඊයේ (13) දිනයේ පැවති තද වැසි මධ්‍යයේ රැකියාව සඳහා යන අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.

මෙම අනතුර සම්බන්ධව පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව සඳහන්.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post