ඔබේ දරුවන් ගැනත් අවදානයයෙන් ඉන්න.. දෙණියායේ වෛරසය පැතිරීගිය හේතුව මෙන්න..

එම වෛරසය පැතිරී යන්නට හේතුවුණේ කුමක්ද කියන කාරණය මේ වෙනකොට හැමෝම හොයනවා. අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි මේ.

කොට­පොළ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කොට්ඨා­ස­යට අයත් දෙණි­යාය අධ්‍යා­පන කලා­පයේ පාසල් හත­රක වෛරස් උණ රෝගය පැතිර යෑමට හේතුව වෛරසය ජල මූලා­ශ්‍ර­ව­ලට එක්වීම නිසා ජලය අපි­රි­සුදු වීමෙන් හෝ ආහා­ර­ව­ලින් බව කොට­පොළ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි මහින්ද වික්‍ර­ම­සිංහ පවසනවා.

මේ සම්බ­න්ධ­යෙන් සාක­ච්ඡා­වක් දකුණු පළාත් ආණ්ඩු­කාර සුසි­රි­පාල මාන­වඩුගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (11) ආණ්ඩු­කාර ලේකම් කාර්යා­ල­යේදී පැවැ­ත්වුණා. මේ සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේම­නාත් මහතා ද එක්ව සිටි­යා.

මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කෙරුණේ දෙණි­යාය අධ්‍යා­පන කලා­පයේ පාසල් කිහි­ප­ය­කින්ම උණ රෝග ලක්ෂණ සහිත දරු­වන් වාර්තා වීමත් සමඟ රෝගය තව­දු­ර­ටත් ව්‍යාප්ත වීම පාල­නය කිරීම සඳහා කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳ­වයි. දරු­වන්ගේ සෞඛ්‍යා­ර­ක්ෂා­වට ප්‍රමු­ඛ­තාව ලබා දෙමින් සෞඛ්‍ය හා අධ්‍යා­පන අංශ ඒකා­බ­ද්ධව මෙය ක්‍රියා­ත්මක විය යුතු බව මෙහිදී අව­ධා­ර­ණය කෙරිණි.

රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා පාසල් දරු­වන්, මවු­පි­යන් සහ ප්‍රදේ­ශ­වා­සීන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ග්‍රාමීය මට්ට­මින් ක්‍රියා­ත්මක කිරීම, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ ක්ෂේත්‍ර පරී­ක්ෂණ සහ නිරී­ක්ෂණ කට­යුතු වැඩි­දි­යුණු කිරීම සහ උණ රෝග ලක්ෂණ සහිත දරු­වන් හඳු­නා­ගෙන කඩි­න­මින් වෛද්‍ය ප්‍රති­කාර සඳහා යොමු කිරීම පිළි­බ­ඳව ද සාකච්ඡා වුණා

එමෙන්ම දෙණි­යාය කලා­පයේ සියලු පාසල් පරිශ්‍ර, පන්ති කාමර, වැසි­කිළි පද්ධති, ජල ටැංකි, ජල කරාම සහ පාසල් පරි­ස­රය විධි­මත් ලෙස පිරි­සුදු කිරීම සඳහා විශේෂ පිරි­සුදු කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට ද අව­ධා­නය යොමු වුණා. පාසල් ප්‍රජාව, මවු­පි­යන් සහ ප්‍රදේ­ශ­වා­සීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ශ්‍රම­දාන වැඩ­ස­ට­හන් සංවි­ධා­නය කර පරි­ස­රයේ පිරි­සු­දු­කම සහ සනී­පා­ර­ක්ෂාව ඉහළ නැංවී­මට ද තීර­ණය කෙරුණා.

ඊට අම­ත­රව දෙණි­යාය ප්‍රදේ­ශයේ ක්‍රියා­ත්මක මුල් ළමා­විය සංව­ර්ධන මධ්‍ය­ස්ථාන සහ පෙර පාසල් තුළ ද මෙම රෝග තත්ත්වය පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු කළ යුතු බව ද මෙහිදී අව­ධා­ර­ණය කෙරුණා.

කුඩා දරු­වන්ගේ සෞඛ්‍යා­ර­ක්ෂාව තහ­වුරු කිරීම සඳහා පෙර පාසල් පරිශ්‍ර පිරි­සුදු කිරීම, දෛනික සනී­පා­ර­ක්ෂක ක්‍රියා­මාර්ග දැඩිව අනු­ග­ම­නය කිරීම, දරු­වන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිර­න්ත­ර­යෙන් නිරී­ක්ෂ­ණය කිරීම සහ මවු­පි­යන් දැනු­වත් කිරීම සඳහා විශේෂ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට ද යෝජනා වුණා.

මෙම වැඩ­ස­ට­හන් සාර්ථ­කව ක්‍රියා­ත්මක කිරීම සඳහා ප්‍රාදේ­ශීය සභා සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල සහ­යෝ­ගය ලබා ගැනීමේ අව­ශ්‍ය­තා­වද මෙහිදී විශේ­ෂ­යෙන් අව­ධා­ර­ණය කෙරුණු අතර, පාසල් හා පෙර පාසල් පරිශ්‍ර පිරි­සුදු කිරීම, අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය, ජල පහ­සු­කම් නඩත්තු කිරීම, ශ්‍රම­දාන වැඩ­ස­ට­හන් සංවි­ධා­නය කිරීම සහ ජන­තාව දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් විධි­මත් ලෙස ක්‍රියා­ත්මක කිරීම සඳහා අදාළ පළාත් පාලන ආය­තන සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල සමඟ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් කට­යුතු කිරී­මට ද තීර­ණය කර ඇත්තේ.

සෞඛ්‍ය අංශ විසින් ලබා­දුන් මාර්ගෝ­ප­දේශ අනුව පාසල් සහ මුල් ළමා­විය සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­වල දරු­වන්ට නිවෙ­ස්ව­ලින් උතු­රවා නිවා­ගත් ජලය රැගෙන ඒම, අත් සෝදා ගැනීමේ පුරුදු වර්ධ­නය කිරීම, මුඛ ආව­රණ භාවි­තය පිළි­බඳ දැනු­වත් කිරීම, උණ හෝ සෙම්ප්‍ර­ති­ශ්‍යාව වැනි රෝග ලක්ෂණ පව­තින දරු­වන් අදාළ ආය­තන වෙත නොඑ­වීම සහ ආප­ණ­ශාලා හා ආහාර සකස් කරන ස්ථාන­වල සනී­පා­ර­ක්ෂාව දැඩිව පව­ත්වා­ගෙන යෑම පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­ර­ණය කෙරුණා.

තවද පාස­ල්වල හා මුල් ළමා­විය සංව­ර්ධන මධ්‍ය­ස්ථාන තුළ දින­පතා සෞඛ්‍ය නිරී­ක්ෂණ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම, රෝග ලක්ෂණ සහිත දරු­වන් පිළි­බඳ වහාම සෞඛ්‍ය අංශ දැනු­වත් කිරීම සහ අවශ්‍ය වුව­හොත් විශේෂ ආර­ක්ෂිත ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කිරීම පිළි­බ­ඳව ද සාකච්ඡා කෙරුණා.

මෙම අව­ස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම් සුධ­ර්මන් වෛද්‍ය­රත්න, ආණ්ඩු­කාර ලේකම් කාර්යා­ලයේ සහ­කාර ලේකම් එච්.ඩී.ඩී.එස්.ඩබ්. හේරත්, දකුණු පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නිෂාන් කේ.ආර්. පති­රණ, දකුණු පළාත් අධ්‍යා­පන අධ්‍යක්ෂ චන්න උපාලි වීර­සේ­කර යන මහ­ත්ව­රුන් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්.පී.එස්.පණ්ඩි­ත­රත්න, කොට­පොළ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි මහින්ද වික්‍ර­ම­සිංහ, දෙණි­යාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය රන්දිව් අබේ­වි­ක්‍රම අධි­කාරි රන්දි අබේ­වි­ක්‍රම ඇතුළු සෞඛ්‍ය අංශයේ වෛද්‍ය­ව­රුන්, වග­කි­ව­යුතු රාජ්‍ය නිල­ධා­රීහු රැසක් සහ­භාගි වුණා.

දිනමිණ පුවත්පත ඇසුරෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post