මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක්


බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව අඳාළ නිවේදනයෙන් දක්වා ඇත.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය නිසා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවද කාලගුණ අංශ එහි දන්වා ඇත.

එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වෙන බව සඳහන්.

කෙසේ වුවද ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. අඳාළ නිවේදනය අද (13) දින උදෑසන 6.30ට නිකුත් කර ඇති අතර, එය සවස 3.30 දක්වා වලංගු බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post