
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් හා රිදී මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,701.32 ක් ලෙස සටහන් විය.
මෙම තත්ත්වය තුළ, අද (13) ශ්‍රී ලංකාවේ රන් මිල කිසිදු වෙනසක් නොමැතිව ඊයේ මිලට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් පවුමකට රුපියල් 395,000 ක් සහ කැරට් 22 රන් පවුමකට රුපියල් 363,400 ක් ලෙස ස්ථාවර වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 45,425 ක් ලෙස සටහන් වේ. මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රිදී මිල ද අද ඉහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 86.22 ක් ලෙස සටහන් වී තිබේ.
