සියලුම පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක්


සිසු සැරිය බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් යටතේ 2026 වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක් කිරීමට නියමිතව ඇත.

ඉසුරුපාය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් මේ බව තහවුරු කළහ.

මෙම බස්රථ සේවය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරයි.

මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමඛතාවක් වන අතර ඒ සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට සමාන මුදල් වෙන් කර ඇති බවය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල සහ සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීම අරමුණ කොට ‘සිසු සැරිය’ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා නව ක්‍රියාමාර්ග දියත් කර ඇති බවය. මෙහි ප්‍රධාන කරුණක් ලෙස, පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා ප්‍රමිතිගත කිරීමේ නීතිමය අවහිරතාව ඉවත් කර ඇති අතර, රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුද්ද සහ රිය සහායක පිළිබඳ තොරතුරු ආදී අංග නීතිමය සහ ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශයන් යටතේ සකස් කර ඇති බවද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post