
පසුගිය දින කිහිපයටම සාපේක්ෂව අද දවසේ රන්මිල පහළ බැස තිබෙනවා. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන වාර්තා වන විශේෂ පුවතයි..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,436,631.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 371,700.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,680.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,460.00ක් සහ රුපියල් 44,350.00ක් ලෙසයි සඳහන් වූයේ.