
2026 අයවැය යෝජනාව යටතේ වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව ජනවාරි මාසයට අදාළව රුපියල් 10,000 බැර කෙරෙන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කළේය.
එමෙන්ම පෙර වසරවල රුපියල් 7,500ක් ලෙස තිබූ එම දීමනාව නව රජය යටතේ රුපියල් 10,000 දක්වා වැඩි කරනු ලැබී තිබේ.