
ඇප් (App) පාදක කරගත් ප්‍රවාහන සේවා සහ ස්වාධීන ත්‍රිරෝද රථ සේවා සඳහා පොදු මිල සූත්‍රයක් හෝ ඒකාබද්ධ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රියැදුරු සංගම් නියෝජිතයෙකු සඳහන් කළේ, ඇප් මගින් ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවාවන්හි පවතින අඩු ගාස්තු හේතුවෙන් මගීන් වැඩි වශයෙන් එම සේවාවන් වෙත යොමු වන බවයි.
එහෙත් එම මිල තීරණය කිරීමේ ආකෘතීන් නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දෛනික ආදායමට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
ඇප් සේවාවලට සහ සාමාන්‍ය ත්‍රිරෝද රථවලට එකම ගාස්තුවක් නියම කරන්නේ නම්, මගීන්ට තමන් කැමති සේවාවක් නිදහසේ තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.
ස්වාධීන ත්‍රිරෝද රථ රියැදුරන් අධික ලෙස මුදල් අය කරන බවට එල්ල වන චෝදනා රියැදුරු නියෝජිතයා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු කියා සිටියේ, ස්වාධීන මීටර් කුලී රථ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 85ත් 100ත් අතර ස්ථාවර මුදලක් අය කරන නමුත්, ඇප් සේවාවන් කාර්යබහුල වේලාවන්හිදී අධික ලෙස ගාස්තු වැඩිකරන බවට තමන් සතුව සාක්ෂි ඇති බවයි.
ගාස්තු නියම කිරීමේ බලය පැවරී ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මිස පෞද්ගලික සමාගම්වලට නොවන බවයි රියැදුරන් මෙහිදී අවධාරණය කළේ.
පොලිස්පතිවරයා වෙත මෙම කරුණු ඉදිරිපත් කරමින් රියැදුරන් ඉල්ලා සිටියේ වෘත්තීය රියැදුරන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ මගීන්ට සාධාරණයක් වන පරිදි විධිමත් නියාමනයක් වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.
මෙම ගැටලුව හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ ඇල්ල, සීගිරිය වැනි සංචාරක කලාපවල ඇප් මගින් ධාවනය කරන රියැදුරන් සහ ප්‍රාදේශීය ත්‍රිරෝද රථ රියැදුරන් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා.
කෝ එතකොට මේකෙ ගාස්තු, headline එකට අදාල තොරතුරු ලබා දෙන්න
ReplyDeleteඋගේ,,,,,,,,,ගෙන් ඕනි ඒක අහන්න...මිනිස්සු මුලාවෙි දානවා
Deleteමුන් ඔක්කොම බොරු කාරයෝ ඇඩ් එකේ විදියට කෝ ගනන්
ReplyDeleteගොසිප් හරියටන් දාන්නැහැ
ReplyDeleteනෑනේ සමහර මීටර් වල ගාන 100/100නෙ.
ReplyDeleteEla hodai
ReplyDeleteඋපරිම ගාස්තුවක් මිස අවම ගාස්තුවක් කොමිසම නිර්දේශ කරන්නේ නැත
ReplyDeleteඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ගමන තීරනය කරන්නේ පාක් එකේ ත්‍රීවීල් අයියලද😂😂😂පුලුවන් නම් app වලින් දුවන එක නවත්වලා පෙන්නන්න...😂😂😂ලොවෙත් බෑ මහත්තයෝ...මොකද දන්නවද? ඔයාලා 3km රුපියල් 600/ app වල 3km රුපියල් 250 වෙනසක් තියනවා නේද?
ReplyDeleteHama three ekakatama meter sawikalain pasu sama karapalla.
ReplyDelete