
තාවකාලිකව අත්හිටුවා තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට සිට යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රෝහල්වලින් පිටත ෆාමසිවලින් ඖෂධ ලබා ගැනීමට නියම කිරීම (Prescribing medicines) අත්හිටුවීම, රෝහල්වලින් පිටත ෆාමසිවලින් ඖෂධ ලබා ගැනීමට නියම කිරීම (Prescribing medicines) අත්හිටුවීම ඉටු නොවීම මුල් කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සඳහන්.
එමෙන්ම රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සහ රසායනාගාර පහසුකම් අවම වීම වැනි ගැටලු විසඳීමට බලධාරීන් ලිඛිත පොරොන්දු ලබා දී තිබුණද, ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.