ලෝක රන්මිල ඉතිහාසය වෙනස් කරයි.. අද පවුමක මිල ගණන් මෙන්න..


අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්. 

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,715,118.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 60,500.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 55,460.00ක් සහ රුපියල් 52,940.00ක් ලෙසයි සඳහන් වූයේ.

එසේම ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (29) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන්.

කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

1 Comments

Post a Comment
Previous Post Next Post