රට රැකියාවට යන්න ඉන්න ඔයාට ලක්ෂ 5කටත් වඩා වැඩි පඩියකට රට ජොබ් එකක් - 310,000කට රැකියා


විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2026 වර්ෂයේ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 310,000 දෙනෙකු පිටත් කිරීමට ඉලක්ක කර තිබේ.

මෙම ඉලක්කය යටතේ, වැඩිම පිරිසක් වූ 77,500 දෙනෙකු කුවේට් රාජ්‍යයට, එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 63,500ක්, කටාර් රාජ්‍යයට 44,000ක්, සෞදි අරාබියට 31,000ක් සහ වෙනත් රටවල් 17ක් සඳහා අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍යයන් අතර අත්සන් කරන ලද විදේශ රැකියා අවබෝධතා ගිවිසුම් අනුව, 2026 වර්ෂය තුළ ඊශ්‍රායල් රාජ්‍යයට 15,000ක්, ජපන් රාජ්‍යයට 12,500ක් සහ දකුණු කොරියාවට 6,000ක් පිටත් කිරීමට සැලසුම් කර තිබෙන බවට සඳහන්.

2025 වර්ෂයේ, රැකියා සඳහා 300,000ක් ඉලක්ක කරන ලද්දත්, එම ඉලක්කය ඉක්මවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 311,207 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ඒ සමග, 2025 වර්ෂයේ විගමනික ප්‍රේෂණ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 8,000 ක් වඩා ලැබී ඇත. 2026 වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක්, 20,484 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ තවදුරටත් සාර්ථක වර්ධනයක් පවතින බවත් සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

5 Comments

  1. Hi I'm interested in this job
    How can apply
    0762355823

    ReplyDelete
  2. How to apply for a job

    ReplyDelete
  3. How to apply for a job
    0771523851

    ReplyDelete
  4. How to apply for a job 0766850693 my contact number

    ReplyDelete
Post a Comment
Previous Post Next Post