රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න


ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 10,000ක් බව වාර්තා වේ.

එබැවින් අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 374,600ක් වශයෙන් සඳහන් විය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 394,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post