අස්වැසුම මුදල් ටිකට වැඩේ දීලා - 2023 ඉදන් අස්වැසුම මුදල් කොල්ල කාලා


අස්වැසුම මුදල් ලබාදීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා විසින් කතරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ, අස්වැසුම මුදල් ලබාදීමේදී කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තම නිලධාරියකු විසින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට සඳහන් කරමිනි.

පැමිණිල්ලේ සඳහන් පරිදි, තමාට කතරගම පදිංචි ඩබ්.ඒ. නිමල් නමැත්තෙකු විසින් දුරකථනයෙන් අමතා ඔහුට හිමි වියයුතු අස්වැසුම් මුදල කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියකු විසින් භුක්ති විඳින බවට පැවසූ බව සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී 2023 වර්ෂයේ සිට හිඟ මුදල් ද ඇතුළුව ඩබ්.ඒ. නිමල් යන අයට හිමි වියයුතු මුදල් සියල්ල පෞද්ගලික බැංකුවක අලව්ව ශාඛාවේ ඩබ්.ඒ. නිමල් නමින් පවතින ගිණුමකට බැරවී ඇති බව අනාවරණය වූ බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එය ඉහත නිමල් නමැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකයට සකස් කළ ගිණුමක් බවත්ය.

පසුව තමා විසින් එම ශාඛාවට අමතා බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවන ලෙසට පැවසූ බවත්, යම්කිසි මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට නිරීක්ෂණය වන බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා ඉල්ලා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානය මගින්ද විමර්ශනයක් සිදු කරන ලෙසය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post