
ඔක්තෝබර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම ජාතික සැමරුම් සතිය අද(25) දින සිට ආරම්භ වේ.
ඒ " මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන්න තේමා කරගනිමින්. එසේම අද (25) දිනෙන් ආරම්භ වන මෙම ජාතික සතිය 2026.10.01 දින පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුමෙන් අවසන් වීමට නියමිතයි.
පාසල් දරුවන්, රාජ්‍ය රැකවරණයේ සිටින දරුවන්, ගුරුවරුන්, දෙමව්පියන් ඉලක්ක ගත කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන ලෙස මෙම සති වැඩසටහන සැළසුම් කර තිබෙනවා. එසේම මෙම සතිය තුළ ළමුන් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ජාතික සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ගේ සහභාගීත්වයෙන් මත්තෙගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
