
අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර ඇත.
ඒ අනුව එම සමාගම දන්වා ඇත්තේ, ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි.
එබැවින් 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වේ.
ඒ අනුව,
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් -රු. 4,465
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් - රු. 1,792
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් - රු. 835
වශයෙන් අඛණ්ඩව පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබේ.
