
පානදුර වලාන ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැළකින් විවිධ වටිනා භාණ්ඩ රැසක් සූක්ෂ්ම ලෙස සොරාගන්නා ලද කාන්තාවක වලාන මධ්‍යම දූෂණ මර්ධන බලකායේ නිලධාරීන් විසින් ඊයේ දින සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී අත්අඩංගුවට ගත් අදාළ සැකකාරිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන නීති අංශයේ ස්ථීර සේවය කරනු ලබන වෘත්තීය නීතිඥවරියක් බවට වටිනා තොරතුරු රැසක් මේ වන විට නිල වශයෙන් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
