
ලංකාවේ කවුරුත් ආදරය කරන, දක්ෂ මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් තරංගද මේ වන විට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා..
රෝගී තත්ත්වයෙන් පසුවන ඔහු, තමන්ට පණ මෙන් ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් සහ සමස්ත ලාංකිකයන්ගේම ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ නිල මුහුණුපොත ගිණුම හරහා සංවේදී සටහනක් තබා තිබුණා.
"හතරවෙනි දවසටත්.... මෙහෙම.....
'ඩෙංගු' වලින් පරිස්සම් වෙමු.... මේ කාලයේ යන එන තැන් ගැන, වටපිටාව ගැන, අපේ ආදරණීයයන් ගැන කල්පනාකාරී වෙමු!!
ආදරෙයි ඔයාලට මම!"
පවතින වැසි සහිත දේශගුණය හේතුවෙන් තමන් යන එන තැන් සහ අවට පරිසරය පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන ලෙසත්, තමන්ගේ ආදරණීයයන් මේ දරුණු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙලෙස සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
අප සැමගේ ආදරය දිනාගත් දිනේෂ් තරංග කලාකරුවාණන්ටත්, මේ වන විට ඩෙංගු රෝගයෙන් පීඩා විඳින සියලුම ලාංකිකයන්ටත් ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් සුවයයි...පරිස්සමෙන් ඉන්න, වටපිටාව පිරිසිදුව තබාගන්න.
