ලෝක රන් මිලේ දැවැන්ත පෙරළිය සමඟ ලංකාවේ රන් මිලත් උඩුයටිකුරු වෙයි


ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වෙනස් වීම මත ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රන් මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යාම දක්නට ලැබේ.

ඒ අනුව අද(15) දින ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන 9.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙරට රන් මිල ගණන් පහතින්,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 384,630ක් සහ එහි විකුණුම් මිල රුපියල් 410,065ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 352,415ක් සහ එහි විකුණුම් මිල රුපියල් 375,800ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,240ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,890ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 288,685ක් සහ එහි විකුණුම් මිල රුපියල් 307,520ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post