
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී ජනපති පැවසුවේ රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් නීතියේ රාමුව ඇතුලත රාජකාරි සිදු කිරීමට කිසිදු අවස්ථාවක දී නිලධාරීන් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති පැවසුවේ රාජකාරි සිදුකිරීමේදී පවතින නීති රෙගුලාසිවලින් යම් බාධාවක් ඇති කරන්නේ නම් ඒ සම්බන්ධව දැනුම්වත් කරන ලෙසත් ඒ අනුව අවශ්‍ය පරිදි එම නීති රෙගුලාසි වෙනස් කිරීමට කටයුතු කළ හැකි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"යම් බියක් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් සිටිනවා රාජ්‍ය නිලධාරීන් තුල. මම ඒක දන්නවා. කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ යෙදෙන්න බය වෙන්න. අපිට රටක් හැටියට ඉදිරියට යන්න, එකක් අපි නීතියට යටත් වෙන්න ඕනේ. දෙක අපි නීතියට බය වෙන්න ඕනේ. ජනාධිපතිවරයාද, ග්‍රාම නිලධාරිවරයාද නීතියට යටත් නීතියට බිය වන්න ඕනේ. නමුත් අපේ සමාජයේ යම් සංස්කෘතියක් ගොඩ නැගෙමින් තිබුණා යම් දේශපාලන අධිකාරියක සහායක් තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, ධනය තිබෙනවා නම්, යම් දේශපාලන අධිකාරියක් සමඟ සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද මොන කාලයක් විරාජමානව වැජඹුණා ද මොන හස්ථයන් තිබුණ ද ඒ කිසිවක් භාජනය කරන්නේ නෑ. අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්ථනයකට ලක් කරන්න.ඔබ දන්නවා ඕනෑම පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද. ගන්න ඕනේ. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යවසනයක් බවට පත් කිරීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය වන්නේ නෑ. මා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා නම් මගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද? අපි නීතියට උඩින්ද? නෑ. නමුත් එවැනි මතයක් සංස්කෘතියක් ගොඩ නැගීමේ උත්සහායක් තිබෙනවා. හැදෙනාම නීතියට යටත් වෙන බිය වෙන සමාජයක් ඕනේ. නමුත් ඒ කිසිදේකින් රාජ්‍ය නිලධාරීන්ට තමාගේ සීමාවන් යටතේ වැඩ කිරීමට බධාවක් ඇති කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය බිය ගැන්වීමක් ද ? , ඒක වෙන්න පුළුවන්ද ? වෙන්න විදියක් නෑ.නීතිය කිසිසේත්ම අසාධාරණව, වෛරයෙන්, පළි ගැනීමේ චේතනාවෙන් ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. එහෙම වෙන තැනක් නැති නම් අපිට කියන්න. ඒ සඳහා නීතියේම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා සාධාරණත්වය පතන්න. ඒ නිසා ඔය ගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. ඔබ කිසිවෙකුට දේශපාලන අධිකාරියේ බලපෑමක් නෑ. එහෙම තියෙනවා නම් අපිට කියන්න. නිදහස්ව කාර්යක්ෂමව වැඩ කිරීම තමා අපේ අපේක්ෂාව.අපේ රටේ ජනාධිපතිවරු ගණනාවක් සිටියා නීතියෙන් ඔප්පුවෙලා තියෙනවා ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා කියලා. අපි හැමකෙනාටම නීතියේ රාමුවක් තියෙනවා. සමහර අවස්ථාවල එය බාධවක් වේවී. ඒවා අපිට කියන්න අපි ඒවා වෙනස් කරමු අවශ්‍ය පරිදි සාකච්ඡා කරමින් ඉන්නවා ප්‍රසම්පාද ක්‍රියාවලි වෙනස් කිරීම සඳහා අවශ්‍ය තැන් වලට."
එහිදී ජනාධිපතිවරයා දිට්වා ව්‍යවසනයෙන් සිදු වූ අපදා සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිාදන සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දැක්වීය.
"අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ණය වැඩසටහනක ඉන්නේ. ඒ ණය වැඩසටහන නිසා රජයට වසරකට වියදම් කළ හැකි ප්‍රමාණය ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 13යි. නමුත් මූල්‍ය කළමනාකරණ පනත ඇතුලේ තියෙනවා මෙවැනි ව්‍යවසන තත්ත්වයකදී ඒ තත්ත්වය අපිට අබිභවා යන්න පුළුවන්." "ඒ නිසා මේ වසරේ දී අතිරේකව තවත් සියයට 1.3ක් එනම් තවත් බිලියන 500ක් වගේ, ඒ කියන්නේ සියයට 14.3ක් දක්වා වියදම් කරන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. "
