
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මේ වෙලාවේ සෙලවෙන පුවතක් වාර්තා වෙනවා
ඒ තමයි, දරුණු ගණයේ ආසාදනයක් වන මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය ලංකාවේ ප්‍රදේශ කිහිපයක පාසල් දරුවන් ඇතුළු පිරිස් අතර වේගයෙන් පැතිර යමින් පවතින බව!
තත්ත්වය කොතරම් දුරදිග ගොස් තිබේද යත්, දෙනියාය ප්‍රදේශයේ පාසල් කිහිපයක් දින කිහිපයකට වසා දැමීමට පවා බලධාරීන්ට සිදු වී තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසන පරිදි, දැනට ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම මේ රෝගීන් මතු වෙමින් පවතිනවා.
දෙනියාය
දියතලාව
වැලිමඩ
රිකිල්ලගස්කඩ
හැබැයි කලබල වෙන්න එපා! වෛද්‍යවරුන් පවසන්නේ මේ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි. දැනට රෝගය වැළඳුණු කිසිදු රෝගියෙකුගේ තත්ත්වය බරපතළ වී නොමැති අතර, දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ අය සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත රෝගය සුව අතට හැරෙන බවයි වාර්තා වෙන්නේ.
දැන් පවතින අධික වර්ෂා කාලගුණය සහ ඉදිරියට එන වෙසක් උත්සව සමය නිසා මේ තත්ත්වය තවත් දරුණු විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වෙසක් බලන්න යන සෙනඟ ගැවසෙන ස්ථාන, විශේෂයෙන්ම දන්සල් හරහා මෙම රෝගය පැතිරීමේ ලොකු ඉඩක් තියෙනවා.
මන්ද, මේ මොළේ උණ වෛරසය හෝ බැක්ටීරියාව ශරීරගත වෙන්නේ ආහාර, ජලය, ස්පර්ශය සහ කැස්ස/කිවිසුම් (බිඳිති) මාර්ගයෙන්!
මෙය මොළය සහ සුසුම්නාව වටා ඇති ආරක්ෂිත පටලවල (මෙනින්ජස්) ඇති වන දරුණු ආසාදනයක්. ඕනෑම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන් වුණත්, අවුරුද්දට අඩු බිළිඳුන්, වයස 16-23 තරුණ පිරිස් සහ වයස 65ට වැඩි අය මෙයට ගොදුරු වීමේ අවදානම වැඩියි.
ඔබ තුළ හෝ දරුවන් තුළ මේ ලක්ෂණ තියෙනවාදැයි හොඳින් බලන්න..
හදිසියේම ඇති වන අධික උණ සහ දරුණු හිසරදය
බෙල්ලේ තද ගතිය හෝ වේදනාව
ඔක්කාරය සහ වමනය
ආලෝකය දෙස බැලීමට ඇති අපහසුතාව (ආලෝක භීතිකාව)
අධික නිදිමත ගතිය සහ අවදි වීමට ඇති අපහසුතාව
ළදරුවන් නම් නිරන්තරයෙන් හැඬීම, කෝප වීම සහ කෑම ප්‍රතික්ෂේප කිරීම පෙන්විය හැක.
මේ සඳහා නිසි වෙලාවට ප්‍රතිකාර නොගතහොත් ස්ථිර ස්නායු හානි, ශ්‍රවණාබාධ (බිහිරි බව), මතක ශක්තිය හීන වීම වැනි සංකූලතා ඇති විය හැකි අතර දරුණුතම අවස්ථාවලදී වකුගඩු අකර්මණ්‍ය වීම හෝ මරණය පවා සිදුවිය හැක.
රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මහජනයා සහ පාසල් දරුවන් වෙනුවෙන් දෙන ප්‍රධානම උපදෙස් මෙන්න..
කෑමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් යොදා හොඳින් අත් සෝදන්න.
එකම වීදුරුවෙන් වතුර බීම, කෑම කන හැඳි ගෑරුප්පු හෝ දත් බුරුසු වැනි පෞද්ගලික භාණ්ඩ අන් අය සමඟ බෙදාගැනීමෙන් වළකින්න.
කැස්ස හෝ කිවිසුම් යන විට ලේන්සුවකින් හෝ වැලමිටෙන් මුඛය සහ නාසය වසා ගන්න. (මහජනතාව ගැවසෙන තැන්වලදී මාස්ක් එකක් පැළඳීම වඩාත් සුදුසුය).
මේ දිනවල විශේෂයෙන්ම උණුකර නිවාගත් ජලය පමණක් පානය කිරීමටත්, පිරිසිදු ආහාර ගැනීමටත් වගබලා ගන්න.
වෙසක් සිරි නරඹන්න, දන්සල් වැඳපුදා ගන්න යන ඔබත්, ඔබේ දරුවනුත් මේ පුංචි සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වුණොත්, කිසිම බයක් නැතුව මේ රෝග ව්‍යාප්තිය පාලනය කරගන්න අපිට පුළුවන්..
