
ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අනතුරුව ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය අද (18) නියෝග කර තිබේ.
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව, තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ යතුරුපැදියක ගමන් කිරීම සම්බන්ධ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
පසුගිය දින කිහිපයේදී චාමර රණවක සහ තවත් දෙදෙනෙකු හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බවද වාර්තා වේ.
