
දිවයිනට බලපා ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ අංශ සදහන් කර තිබේ.
පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යටව පවතී ගංගා ජල මට්ටම් ඉහළ යාම සහ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත් බිම්වල සිටින ජනතාව අවදානයෙන් සිටින ලෙසත් නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක අතර කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයිනට ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින බව කාලගුණ අංශ සදහන් කරයි .
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරනු ලබයි පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා ජල මට්ටම් ශීඝ්‍ර යෙන් ඉහළ ගොස් ඇත.
මහවැලි කැලණි කලු වලවේ නිල්වලා යන ගංගා මෙන්ම කිරිදි ඔය දැදුරු ඔය සහ අත්තනගලු ඔයේ ද ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස අවධාරණය කරනු ලබයි .
එමෙන්ම ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක වාන් දොරටු විවෘත කර ඇත තවද දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇගවීම් නිවේදන යළි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
අධික වර්ෂාව හේතුවෙන් බුත්තල නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව පැවතීම නිසා ඒ හේතුවෙන් වැල්ලවාය මොනරාගල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දියඇළි බොහොමයක් සක්‍රීයවී තිබෙන බව වාර්තා වේ.
රාගල ලියන්වල මෙරිගෝල්ඩ් ආදී වතු ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ දිනයේත් අධික වර්ෂාව නිසාන් ආදාවල දියඇල්ලේ අධික ජල ධාරිතාවක් ගලා යමින් පවතින අතර ඒ හේතුවෙන් රිකිල්ලගස්කඩ වලපනේ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය .
ඇල්ල රාවන දියඇල්ලේ ද විශාල ජල කදක් ගලායමින් පවතී පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දියඇල්ලේ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර දියඇල්ල නැරඹීමට පැමිණීමේ දී දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි .
එමෙන්ම දියඇල්ලේ පහළ කොටසේ දිය නෑමෙන් වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සබරගමුව දකුණු වයඹ සහ උතුර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව ඇත. එම කලාපයේ බලපෑම හේතුවෙන් මුහුදු ප්‍රදේශ ද රළුවන බැවින් විමසිලිමත් වන ලෙස දැනුවත් කර තිබේ.
