
පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 සඳහා බව වාර්තා වේ.
එසේම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එබැවින් කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී ඇත.
