පැයකට පෙර ඉදිරි පැය 12 සඳහා විශේෂ නිවේදනයක් - නැවත දැනුම දෙන තුරු මේ කටයුතුවලින් ඉවත්වෙන්නයි දන්වයි


තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවේ, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 12 සඳහා වලංගු වන ලෙස අද(23) දින පෙ.ව. 10.00 ට නිකුත් කර ඇත.

ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා ක්‍රියාත්මක වන්න යනුවෙන් දන්වමින්. අඳාළ නිවේදනයේ අඳහන් වන්නේ බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (2026 සැප්තැමබර් 23) දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 05:30 වන විට උතුරු අක්ෂාංශ 18.0°N සහ නැගෙනහිර දේශාංශ 84.7 E ආසන්නයේ පැවතුණ බවයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතී. එසේම පහත සිතියමේ 'Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමක් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

පහත සිතියමේ "Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.

උතුරු අක්ෂාංශ 07°N ක් 22°N ත් සහ නැගෙනහිර දේශාංශ 83°E ත් 95°E ක් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම දෙනු ලැබේ.

මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටි නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී ඇත.

එමෙන්ම ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් වීම සිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post