
හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේ වටරගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (29) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.
අනතුරෙන් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.