මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ


ශ්‍රීලංකාවේ හා  නේපාලය අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, දෙරටේ රාජතාන්ත්‍රික (Diplomatic) පාස්පෝට් හිමියන්ට වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම තීරණය අනුව, රාජතාන්ත්‍රික පාස්පෝට් හිමියන්ට දෙරට අතර සංචාරය කිරීමේදී වීසා ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැතිව නිදහසේ ගමන් කිරීමට හැකි වනු ඇත.

ඒ අනුව, දෙරටෙහිම රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් හට විසා ලබා ගැනීමකින් තොරව දින 30 ක් නොඉක්මවන කාල සීමාවක් සඳහා අනෙක් ගිවිසුම් ගත පාර්ශ්වයේ භුමි ප්‍රදේශය වෙත පිවිසීමට, ඒ හරහා ගමන් කිරීමට හා රැඳී සිටීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  

මෙම පහසුකම මගින් දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා, නිල සංචාර සහ රාජ්‍ය මට්ටමේ සහයෝගීතා වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post