මැදපෙරදිග ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්


මැදපෙරදිග ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට හදිසි පහසුකම් සැපයීම සඳහා තානාපති කාර්යාලවලට විශේෂ අරමුදල් වෙන් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානී කෝසල වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, මැදපෙරදිග ශ්‍රී ලාංකික තානාපති කාර්යාල හරහා ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ආරක්ෂාව සහ මූලික පහසුකම් සහතික කිරීම සඳහා මෙම අරමුදල් භාවිතා කරන බව ඔහු පැවසීය.

කලාපයේ ගැටුම්කාරී තත්ත්වය තිබියදීත්, ශ්‍රී ලාංකිකයින්ට මැදපෙරදිග රටවලට රැකියා සඳහා යාමට කිසිදු බාධාවක් නොමැති බවත්, අදාළ ක්‍රියා පටිපාටි සුපුරුදු පරිදි අඛණ්ඩව සිදුවන බවත් ඔහු පැවසීය.

ඒ අනුව, කාර්යාංශය සහ තානාපති කාර්යාල එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර හදිසි අවස්ථා සඳහා සූදානම්ව සිටීම සැලකිය යුතු කරුණකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post