සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි


මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයත් එක්ක විවිධ භාණ්ඩවල මිලගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යනවා.

මේ අන්න ඒත් එක්කම ඇසෙන තවත් විශේෂ කතාවක්. 

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175 කට වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇතැයි සංස්ථා සිමෙන්ති සමාගම පවසනවා. ඒ අනුව, මෙතෙක් සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1750 ක මිලකට අලෙවි වූ බවත්, මින් පසු 1925 දක්වා වැඩිවනු ඇතියි.

මීට සමගාමීව සෙසු සිමෙන්තිවල මිල ගණන්ද වැඩි වී තිබෙනවා.

එහෙත් සිල්ලර වෙළෙඳුන් විවිධ මිල ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බවත්, ඒ අනුව සිල්ලරට මිලදී ගැනීමේදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1950 ක් පමණ වනු ඇති බවත් ද එහි ප්‍රකාශකයෙක් පැවසුවා.

මේ අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩරින්ටන් පෝල් පවසන්නේ.

අරුණ පුවත්පත ඇසුරෙන්.. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post