
ඉතාලියට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ, අද (10) ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් ටිරේනියන් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වී ඇති බවයි.
මෙම භූමිකම්පාව මුහුදු ගැඹුර කිලෝමීටර් 377ක ස්ථානයකදී හටගෙන ඇති බව GFZ වැඩිදුරටත් සඳහන් කරයි.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය ඉතාලියේ බටහිර වෙරළබඩ ප්‍රදේශවලට සැලකිය යුතු දුරකින් තිබුණු බැවින්, භූමිකම්පාවේ බලපෑම ඉතාලි මුහුදු වෙරළබඩ නගරවලට සීමිත විය හැකි බව වාර්තා වේ.
මේ වන විට භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳ හෝ තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳ නිල වාර්තා නිකුත් වී නොමැත.
ඉතාලියේ භූමිකම්පාවලට ගොදුරු වීමේ ඉතිහාසයක් ඇති අතර, මෙම භූමිකම්පාව මෑතකදී සිදු වූ භූමිකම්පා මාලාවකට එකතු වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.