මේ අයට සුබ ආරංචියක් - රජයෙන් දුන්න මේ මුදල මිලියන 2.5 දක්වා වැඩි කරලා


නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නායයෑම් හේතුවෙන් හෝ නායයෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල සිටින පවුල් හඳුනාගෙන ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එබැවින් ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ එම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මූල්‍ය සහාය ලබාදෙන බව වාර්තා වේ.

එසේම මෙතෙක් එම වැඩසටහන යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 1.6ක මුදලක් ලබාදෙනු ලැබූ අතර, එය රුපියල් මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධනය සිදු කර ‍තිබෙන අතර එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post