2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩිවෙයි! මෙන්න නව මිල ගණන්


සාමාන්‍ය ජනතාවට තවත් "කරන්ට් එක වදින" පුවතක් අද (30) දහවල් කොළඹින් වාර්තා වුණා. 

ඒ, මේ වසරේ දෙවන කාර්තුව සඳහා වන නව විදුලි ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම විසින් නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟයි.

විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව මෙවරත් බිල වැඩිවීමේ බර වැඩිපුරම පැටවී ඇත්තේ වැඩි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පිරිසට වීම විශේෂත්වයක්.
අලුත්ම සංශෝධනයට අනුව ඔබේ බිලට එකතු වන අමතර ගාස්තුව මෙතැනින් බලන්න.

ඒකක 0 - 30 දක්වා: බිල 4.3% කින් ඉහළට.
ඒකක 31 - 60 දක්වා: බිල 6.9% කින් ඉහළට.
ඒකක 61 - 90 දක්වා: බිල 6.9% කින් ඉහළට.
ඒකක 91 - 180 දක්වා (වැඩිම පිරිසක් ඉන්න කාණ්ඩය): බිල 7.2% කින් ඉහළට.

මෙවර සංශෝධනයේදී වැඩිම කතාබහට ලක්ව ඇත්තේ ඒකක 180 ට වඩා වැඩියෙන් පාවිච්චි කරන පිරිසයි. ඔවුන්ගේ බිල එකවරම 25% ක් වැනි විශාල ප්‍රතිශතයකින් ඉහළ දමා තිබෙනවා.

මීට අමතරව අනෙකුත් අංශවලට බලපාන අයුරු පහතින්.

රාජ්‍ය ආයතන: 14.4% කින් බිල වැඩි වේ.
හෝටල් ක්ෂේත්‍රය: 9.9% ක වැඩිවීමක්.
කර්මාන්ත: 8.7% ක වැඩිවීමක්.

ආගමික ස්ථාන: ඒකක 180 ට වැඩි නම් 9.6% කින් බිල ඉහළ යයි. (නමුත් ඒකක 180 ට අඩු පුණ්‍ය ආයතන සහ පන්සල්/පල්ලි සඳහා මෙවර බිල වැඩි කර නැත.)
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් මහතා පවසන්නේ මෙම නව ගාස්තු අද සිටම ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post