
සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අඳාළ නිවේදනයෙන් දැනුම් දෙයි.
එමෙන්ම එම ප්‍රදේශවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව ද සඳහන්.
වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද දැනුම් දෙයි.
අඳාළ නිවේදනය අද(23) දින රාත්‍රී 11 දක්වා බල පැවැත්වෙන බව සඳහන්.