අප්‍රේල් 1 වෙනිදා මොකද වෙන්නේ...? වසර 50කට පසු ලෝකයක් බලා සිටින ඒ සුවිශේෂී මොහොත


මේක නම් කාලෙකට පස්සේ ඇහෙන ආරංචියක්.

අවුරුදු 50කටත් වැඩි කාලයකට පස්සේ ආයෙත් මනුස්සයෙක් සඳට යන්නයි මේ හදන්නේ හැබැයි මේක නිකම්ම ගමනක් නෙවෙයි, නාසා ආයතනය (NASA) ලෑස්ති කරන 'ආටෙමිස් II' (Artemis II) මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වෙනිදා ෆ්ලොරිඩාවෙන් උඩට යන්න හැමදේම සූදානම් කරලා ඉවරයි.

හිතන්න, කුඩා මගී බස් එකක ප්‍රමාණයේ 'ඔරායන්' (Orion) කියන යානය ඇතුළේ අභ්‍යවකාශගාමීන් හතර දෙනෙක් දින 10ක් එක දිගට ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, සඳ වටේ සැතපුම් ලක්ෂ පහකට වඩා වැඩි දුරක් ගිහින් එන මේ ගමන හරිම අවදානම් සහගතයි කියලයි නාසා එක කියන්නේ. හැබැයි මේ අයට හදිසියේවත් 'සූර්ය කුණාටුවක්' ආවොත් බේරෙන්න යානය ඇතුළෙම විශේෂ ආරක්ෂිත කුටියකුත් හදලා තියෙනවලු.

මේ ගමනට යන හතර දෙනාම දැන් "Celebrities" වෙලා ඉවරයි. මොකද මේ කණ්ඩායමේ ඉන්නේ හරිම විශේෂ අය.

පළමු කළු ජාතිකයා වන වික්ටර් ග්ලෝවර් මේ ගමනත් එක්ක සඳ දෙසට යන ලොව පළමු කළු ජාතිකයා ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

පළමු කාන්තාව වන ක්‍රිස්ටිනා කොක් තමයි මේ මෙහෙයුමේ ඉන්න එකම කාන්තාව. ඇය දැනටමත් අභ්‍යවකාශයේ වැඩිම කාලයක් හිටපු කාන්තාව විදිහට ලෝක වාර්තාවක් තියලයි ඉන්නේ.

ඇමරිකානු නොවන පළමු පුද්ගලයා වන කැනේඩියානු ජාතික ජෙරමි හැන්සන් මේ ගමනට එකතු වෙන්නේ ඇමරිකානුවෙක් නොවන කෙනෙක් සඳ දෙසට යන පළමු අවස්ථාව සනිටුහන් කරමින්.

අණදෙන නිලධාරියා ලෙස මේ හැමෝටම නායකත්වය දෙන්නේ අත්දැකීම් බහුල රීඩ් වයිස්මන්.

මේ කට්ටියව අභ්‍යවකාශයට අරන් යන්නේ ඇමරිකාව මෙතෙක් හදපු බලවත්ම රොකට්ටුව වෙන 'Space Launch System' (SLS) මගින්. පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා සඳ දෙසට යන ඒ මොහොත තමයි මේ ගමනේ තීරණාත්මකම අවස්ථාව වෙන්නේ.

මේ මෙහෙයුම සාර්ථක වුණොත්, ඉදිරියේදී මිනිස්සුන්ට සඳ මත පදිංචි වෙන්නත් පාර කැපේවි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. බලමු නේද අප්‍රේල් 1 වෙනිදා මොකද වෙන්නේ කියලා?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post