“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්


“අස්වැසුම’’ ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ 16,800 කට තවමත් බැංකු ගිණුමක් නොමැති බව හදුනාගන ඇ‍ත.

''අස්වැසුම’‘ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පවත්වන ලද වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කර තිබේ .

තවද මෙම පිරිස අතුරින් ඇතමුන් අස්වැසුම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබා සිටින බවවත් නොදන්නා බවත් වාර්තා වී  ඇ‍ත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරන්නේ මෙලෙස බැංකු ගිණුම් වැඩිම ප්‍රමාණයක් විවෘත කර නොමැති බව වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බවයි.

එම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 2,700 ක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බව එම මණ්ඩලය අනාවරණය කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 1,000 ක් පමණ අස්වැසුම ප්‍රතිලාභය ලබා ගැනීමට බැංකු ගිණුම් විවෘත කර නැති බව වාර්තා වේ.

දෙවනුවට වැඩිම පිරිසක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බව වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වේ.

 සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරන්නේ දිළිඳු සහ අන්ත දිළිඳු යන කාණ්ඩවලට අයත් පිරිස මෙලස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවද, දිළිඳු කාණ්ඩයේ පමණක් 8,900 ක් පමණ බැංකු ගිණුම් විවෘත කර නොමැති බවයි.

  “අස්වැසුම’’ ප්‍රතිලාභයට සුදුසුකම් ලබන්නන් රාජ්‍ය බැංකුවක “අස්වැසුම’’ නමින් ගිණුමක් විවෘත කළ යුතුව තිබේ .

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරන්නේ ප්‍රතිලාභය සඳහා අදියර දෙක යටතේ සුදුසුකම් ලැබූවන්ට ඉකුත් වසරේ (2025) ජූලි මාසයේ සිට මේ වසරේ සිට පෙබරවාරි දක්වා කාලය දක්වා මාස අටක් මුදල් බැංකු ගතකර තිබෙන වගයි ගිණුම් විවෘත කරන ලද පිරිසට එම මුදල් බැංකු ගතකර තිබෙන බවද එම මණ්ඩලය සදහන් කර ඇත.

  බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන් මාර්තු මාසයේ ගිණුම් විවෘත කර ඒ බව දැනුම් දීමට කටයුතු කරන්නේ නම් පෙර වාරික සමගද ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

තව දුරටත් එම මණ්ඩලය සදහන් කරන්නේ මෙම ගිණුම් නොමැති පිරිසට දුරකථන කෙටි පණිවුඩයක් යවා දැනුවත් කිරීම් සිදුකළ බවත්, ඉන් පසුව ලිපියක්ද යොමුකළ බවයි.

 ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම බැංකු ගිණුමක් විවෘත කිරීමට නොහැකියාවක් පවතින බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post