රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එබැවින් සිදුකළ සොයාබැලීමකදී හෙළිව ඇත්තේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත කර පාරිභෝගිකයින්ට ගෑස් ලබා දීමට පියවර ගත් බවට ද තොරතුරු වාර්තා විය.

කෙසේ වෙතත් ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ දිවයින පුරා ප්‍රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post