හදවත් කම්පා කරන පුවතක් ගැන හෝමාගමින් ඇසෙන ඒ කතාව මෙන්න..


මවක් වෙන්න ඇය හීන දැක්කත්, ඒ දරුවා වෙනුවෙන් ධාරක ස්නේහයවත් ඇයගේ හිතේ නොවූයේ ඇයි..?

හෝමාගම මාගම්මන සමගි මාවතේ පදිංචි කාන්තාවකගේ අනියම් සැමියාගේ පහර කෑමෙන් අවුරුදු 3ක් වයසැති දියණියක ඊයේ (13) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසනවා.

සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර දියණියගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය දියණිය සිය මව, සහෝදරයා, ආච්චි අම්මා සහ සීයා සමග වාසය කර තිබුණා.

මෙම දියණිය ඉපදීමෙන් පසුව ඇයගේ පියා මව අතහැර ගොස් ඇති අතර ඉන් පසුව මීට මාස හතරක පමණ සිට වෙනත් පුද්ගලයකු මව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් නිවසට එන යන අතර ඇතැම් අවස්ථාවලදී දින ගණන් නිවසේ රැඳී සිටින බවද පැවසෙනවා.

ඒ අතරතුරදී ඔහුට මියගිය දියණිය " තාත්තා " ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසා ඊට උරණ වී අවස්ථා ගණනාවකදී දරුවාට පහර දී තිබෙනවා.

ඊට සහාය වෙමින් මවද දරුවාට පහර දී තාත්තා ලෙස කතා කරන ලෙසට බල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර සැකකරු 12 වැනිදා රාත්‍රී නිවසට පැමිණ පසුදා (13) අලුයමද දරුවාට පහර දී තිබෙනවා.

අනතුරුව එදින උදෑසනම පදිංචියට වෙනත් නිවසක් බැලීමට යන බව පවසා දියණිය ද කැටුව නිවසින් ගිය සැකකරු සවස දියණිය රැගෙන නිවසට පැමිණෙන අවස්ථාවේදී දියණිය කිසියම් අසාත්මික තත්ත්වයකින් පසුවී ඇති බව පැවසෙනවා.

ඉන් පසුව දරුවා රෝහල් ගත කිරීමට වාහනයක් රැගෙන එන බව පවසා සැකකරු නිවසින් පිටව ගොස් ඇතත් ඔහු නොපැමිණීම නිසා දරුවාගේ මව බාල සහෝදරයා සමග හෝමාගම මූලික රෝහලට දරුවා රැගෙන ගොස් තිබුණා.

එහිදී පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි.

පසුව සිද්ධිය සිද්ධියට සැකපිට දියණියගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මීට පෙර මෙම දරුවාට වස පොවා තමාත් දිවි නසා ගන්නවායැයි පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණයක්ද පවත්වා තිබේ.

එබැවින් මෙම කාන්තාව දැනුවත්ව සකකරු මෙම දියණිය ඝාතනය කලාදැයි පොලිසියට සැකයක් මතුව තිබෙනවා.

කාන්තාව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලාගිය සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post