පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි – 17 හැවිරිදි රියදුරා මරුට


පොලිස් අණ නොතකා ධාව­නය කළ සැක­ක­ට­යුතු වෑන් රථ­ය­කට යාප­නය කයිට්ස්හිදී පොලී­සිය ඊයේ (10) අලු­යම කළ වෙඩි තැබී­ම­කින් වෑන් රථයේ රියැ­දුරු මිය‍ගොස් ඇත.

යාප­නය වඩු­ක්කෝට්ටේ ප්‍රදේ­ශයේ පදිංචි 17 හැවි­රිදි තරු­ණ­යෙක් මෙසේ මිය­ගොස් ඇතැයි කයිට්ස් පොලී­සිය සඳ­හන් කළේය.

වෑන් රථයේ ඒ වන විට ගමන් කර­මින් සිටි දෙදෙ‍නෙකු සැක­පිට පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. යාප­නය කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය භාර­යට ඔවුන් දෙදෙනා භාර­ගෙන කළ ප්‍රශ්න කිරී­මේදී ඔවුන් පවසා ඇත්තේ වී තොග­යක් පැට­වී­මට යමින් සිටි­යදී මෙම සිදු­වී­මට මුහුණ දුන් බවය. ඔවුන් කියන ප්‍රකාශ පිළි­ගත නොහැකි බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

වෑන් රථය පිටු­පස ආසන ගලවා ඉව­ත්කර තිබී ඇත. වෑන් රථයේ ප්‍රමා­ණය අනුව ඒ තුළ විශාල වී ‌තොගයත් ප්‍රවා­හ­නය කළ නොහැකි බවද උසස් පොලිස් නිල­ධා­රියා කීය. පොලිස් අණ නොතකා ඔවුන් මේ ආකා­ර­යට ගමන් කර ඇත්තේ බොහෝ විට වෙනත් කට­යු­ත්තක් සඳහා බව සැක කරන බවද එම උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

වෑන් රථ­ය නතර කරන ලෙස පොලී­සිය මුලින්ම සංඥා කර ඇත්තේ කයිට්ස් පොලිස් වසමේ අල්ල­පිඩ්ඩි හන්දිය ආස­න්න­යේ­දීය. එහිදී එම සංඥා­ව­ලට අව­නත නොවී වෑන් රථය නොන­වත්වා මණ්ඩ­තිව් දෙසට ධාව­නය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි. මෙම අව­ස්ථා­වේදී කයිට්ස් පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා මණ්ඩ­තිව් හි පිහිටි පොලිස් මාර්ග බාධ­කයේ සේවයේ නිරත පොලිස් නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් අධී­ක්ෂ­ණය කර අල්පිඩ්ඩි දෙසට ජීප් රථයේ නැඟී ගමන් කර­මින් සිට ඇත. පොලිස් අණ නොතකා ධාව­නය වෙමින් ඇති වෑන් රථය සම්බ­න්ධ‍‍යෙන් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව ඒ අව­ස්ථා­වේදී දැනු­වත් කිරී­මට අල්පි­ඩ්ඩිය හන්දියේ සිටි පොලිස් නිල­ධා­රින් පිය­වර ගෙන ඇතැ­යිද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය. ඒ අනුව පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාද අත­ර­ම­ඟදී සැක­ක­ට­යුතු වෑන් රථය නතර කර ගැනී­මට උත්සාහ දරා ඇත. එහිදී ද පොලී­සි­යට වෙට්ටු දමා වෑන් රථය වේග‍යෙන් ඉදි­රි­යට ධාව­නය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි. එහිදී අහ­සට වෙඩි තබා රථය නවත්වා ගැනී­මට උත්සාහ කර ඇතැ­යිද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය.

එම අව­ස්ථා­වේදී ද වෑන් රථය නොන­වත්වා පලා­ය­න්නට වූ බැවින් වෑන් රථ­යට වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

ගයාන් කුමාර වීර­සිංහ

යාප­නය සමූහ කිත්සි­රිගේ ප්‍රසන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post