රත්තරන් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්! ලෝක වෙළෙඳපොළේ රන් මිල සීඝ්‍රයෙන් පහළට. අද දේශීය රන් මිල මෙන්න.

රත්තරන් සහ රිදී වෙළඳපොළ ආයෝජකයින් අන්දමන්ද කරමින් ලෝක වෙළඳපොළේ රන් මිල සහ රිදී මිල සීග්‍රයෙන් පහළ බැස තිබෙනවා. 

පසුගිය දිනවල ඩොලර් 5,500 සීමාවත් ඉක්මවා යමින් ඉහළ අගයක තිබූ රන් අවුන්සයක මිල අද උදෑසන වන විට ඩොලර් 4,893ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

රත්තරන් විතරක් නෙමෙයි, රිදී මිලත් මේ වන විට දැවැන්ත කඩා වැටීමකට ලක්ව තිබෙනවා. අද වන විට රිදී අවුන්සයක මිල ඩොලර් 85.34ක් දක්වා පහළ බැස ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව 25.46%ක දැවැන්ත පසුබෑමක්.

විදෙස් වාර්තා පවසන පරිදි ගතවූ පැය 48 තුළ පමණක් රන් සහ රිදී වෙළඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී (Wiped out) තිබෙනවා.

ලෝක වෙළඳපොළේ මිල පහළ යාමත් සමඟ ලංකාවේ දේශීය රන් වෙළඳපොළේද මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. අද උදෑසන වන විට කොළඹ රන් වෙළඳපොළේ මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි.

කැරට් 24 රන් පවුමක මිල: රුපියල් 380,000/-

කැරට් 22 රන් පවුමක මිල: රුපියල් 349,600/-

"රත්තරන් මිල තවදුරටත් අඩුවෙයිද? නැත්නම් මේක ගන්න හොඳම වෙලාවද?" ආර්ථික විශ්ලේෂකයින් දැන් දැඩි අවධානයෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post