
දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) දින රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
එමෙන්ම මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේ දී පියා විසින් කැත්තකින් පහරදී තම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.
තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම සැකකාර පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.